සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටියේය. නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ගොනුකර ද ඇත.
එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන්. ජයවීර මහතා පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.