අපේ පක්ෂයේ හොරුන්ට ඡන්දේ දෙන්න එපා…! – තිස්ස අත්තනායක..

October 8, 2024 at 9:08 am | by emanisa.lk

මෙවර සිය සන්ධානයෙන් දූෂණ වංචා චෝදනාවලට ලක්ව ඇති කිසිවෙකුට නාම යෝජනා හිමි නොවන බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

එවැනි චෝදනා ලැබූ කිහිප දෙනෙකුම නාම යෝජනා සකස් කිරීමේ දී ඉවත් කිරීමට කටයුුතු කළ බව ද ඔහු පෙන්වා දෙයි.

එසේ ම දූෂිතයන් පාර්ලිමේන්තුවට නොඑවීමට ජනතාවට ද වගකීමක් ඇතැයි සඳහන් කරන තිස්ස අත්තනායක, එවැනි චෝදනා සහිත අය වෙනුවට ලැයිස්තුවේ සිටින හොඳ අපේක්ෂකයන් තෝරා පත්කර එවීමට කටයුතු කළ යුතු බව ද කීය.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *