එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පවසයි.
වාහන ගෙන්වීම සඳහා 600%ක බද්දක් පනවනු ඇති බවට කටකතා පැතිර ගියත් එසේ බදු පනවා වාහන ගෙන්වුවහොත් කිසිවකු වාහන මිලට නොගනු ඇති බවත් ඔහු පැවසීය.
වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් මෙවන් කටකතා මවා ජනතාව රවටමින් දැනට ඉදිරි තොග විකුණා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.
වාහන ආනයනය කිරීමෙන් පසුව දැනට අසාමාන්‍ය ඉහළ අගයක පවතින වාහන සාමාන්‍ය මිලකට පහත වැටෙනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.