හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇති අතර ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය හිමිව ඇත.
එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති ධුරයට පත්කොට තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇති අතර ඔහු එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත්කර තිබේ.