ගෝල්ෆේස් අංගනයේ වාහන නැවත හිමිකරුවන්ට….!

October 2, 2024 at 11:03 am | by emanisa.lk

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කොට තිබූ වාහන යළි එම ආයතනවලට භාරදීම ඊයේ (01) සිදුවිය.

ඒ, ජනාධිපති කාර්යාලය අසල එම වාහන නවතා තිබූ පරිශ්‍රයේදීය.

එහි දී වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු බවත් ඉන් වාහන 15ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් රැගෙන ගිය බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහනය බැගින් සම්පූර්ණ වාහන 15ක් මෙලෙස භාර දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *