රනිල් ගෙනා තෙල්වල මිල අපට අඩු කරන්න බෑ… අපි ගෙනැත් ලාබෙට දෙනවා…! – සිපෙට්කෝ සභාපති….

October 2, 2024 at 9:29 am | by emanisa.lk

තෙල් සංස්ථාව එළඹෙන අප්‍රේල් මාසය දක්වා හිඟයක් නොමැතිව ඉන්ධන ලබා දීම සඳහා අවශ්‍ය සියලු ඇනවුම් ලබා දී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. කරුණාරත්න මහතා සඳහන් කරයි.

කෙසේ වුව ද විශාල ඉන්ධන සහනයක් එක වර ලබාදීමට ජනාධිපති අනුර දිසානයක මහතා කැමැත්තක් නොදක්වන බව එය පෝලිම් ඇති වීමට හේතු විය හැකි බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

“වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.

ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවග රාමුව තුළයි. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට නියාමන කොමිෂන් සභාවට භාරදීමට බලාපොරොත්තු වෙනවා.”

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *