මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය වෙන්න සූදානම්…! – ගම්මන්පිල…

October 1, 2024 at 2:04 pm | by emanisa.lk

දේශපාලන පක්ෂවලින් පැන අනාථ වූ කණ්ඩායම් සිය සන්ධානයට කිසිසේත් එකතු කරගන්නේ නැතැයි සර්වජන බලය විධායක සභික උදය ගම්මන්පිල පවසයි.

පසුගිය ජනාධිපතිවරණයට රට ගොඩනගන නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට තිබුණේ සර්වජන බලය පක්ෂය පමණක් යැයි ද හෙතෙම කීය.

එහෙයින් මාලිමාව ආණ්ඩු පක්ෂයේ වාඩි වන විට ප්‍රධාන විපක්ෂය වී විකල්ප ආණ්ඩුව ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බව ද ගම්මන්පිල සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *