අපේ පාස්පෝර්ට් එකට ලෝකය ම ගරු කරන රට නංවනවා…! – ජනපති…

October 1, 2024 at 9:14 am | by emanisa.lk

මේ රටේ විදේශ ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්ත්වයට රට ගොඩනැංවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, මේ රටේ පුරවැසියන්ට “මම ශ්‍රී ලාංකිකයෙක්” යැයි අභිමානයෙන් කීමට හැකි රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය බවයි.

මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක් යැයි කියා අප රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කිරීමට අවශ්‍ය බව ද ඒ සඳහා මෙරට ජනතාවගේ සාමුහික දායකත්වය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සිය යූටියුබ් චැනලයේ ඊයේ (3‍0) සටහනක් තබමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *