ගොල්ෆේස් එකේ වාහන පාර්ක් කළේ ප්‍රදර්ශනේට නෙමෙයි..! – ජනාධිපති මාධ්‍ය අංශය…

September 30, 2024 at 6:14 pm | by emanisa.lk

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිටත පරිශ්‍රෙය් වාහන ගාල්කර ඇත්තේ ඇතුළත පරිශ්‍රයේ ඉඩ නොමැති නිසා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ නොමැතිව ඒවා කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණකින් නොවන බව ද එමගින් අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය භාවිත කළ එම වාහන වර්තමාන ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට කටයුතු කරමින් ඇති බව ද එම නිවේදනය මගින් වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *