ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට යුගයේ අවශ්‍යතාව සලකා ජනතාවගේ යහපත වෙනුවෙන් තරඟ කිරීමට තමන් සූදානම් බව ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා පවසයි.
තමන්ට ඊට හැකියාව මෙන්ම සුදුසුකම් ද ඇති බවත් තම රසික රසිකාවන් රට පුරා සිටින බවත් හෙතෙම අවධාරණය කරයි.
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකයින් ඊට ඉදිරිපත් වීමට සූදානම් බවත් ජනතාවගේ යහපත වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බවත් කමල් අද්දරආරච්චි කියා සිටියේය.