පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යංශයට භාරදෙන ලෙස දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය ගිනි අවි ලබා ගත් මන්ත්‍රීවරුන්ට මේ බව ලිඛිතව දන්වා තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් 100කට අධික පිරිසක් එම ගිනි අවි ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමගම සියලු මන්ත්‍රී වරප්‍රසාද අහිමි වන අතර මාදිවෙල මන්ත්‍රී නිවාස පමණක් මහා මැතිවරණ දින දක්වා භාවිතයට අවසර දී ඇත.