හිටපු අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ සිය ආරක්ෂකයෙකුගේ බිරිඳගේ නමින් බියර්හලක් විවෘත කොට ඇතැයි වසන්ත සමරසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, අදාළ කාන්තාව මෙම බියර් හල තමන්ගේ නොව හිටපු ඇමැතිවරයාගේ බව තමන් සමග ප්‍රකාශ කළ බවයි.
ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පැමිණිලි කර ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
අද (29) මාධ්‍ය හමුවකට එකතු වෙමින් වසන්ත සමරසිංහ මේ බව කීය.