මෙවර සාපෙළ විශිෂ්ටයෝ මෙන්න…මුල් පෙළම බාලිකාවන්ට…!

September 29, 2024 at 1:17 pm | by emanisa.lk

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵලවලට අනුව මෙවර දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව සමත්ව තිබේ.

දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීරට හිමිව ඇත.

කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක යන සිසුවියන් සිව්වන ස්ථානයට පත්ව ඇත.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොනාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ සහ මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම හත්වන ස්ථානය හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *