නීති විරෝධී සුරාබදු බලපත් කතාව අතේ රෝලක්…!

September 29, 2024 at 8:52 am | by emanisa.lk

ජනාධිපතිවරණ කාල සීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශයන් සාවද්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර 172ක් නිකුත් කර ඇති බවයි.

එමගින් රුපියල් කෝටි 220ක ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන අතර 2023 සහ 2024 වර්ෂවලට අදාළව පවතින හිඟ බදු එළඹෙන නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකඟ වී ඇති බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *