පොරොන්දු වුණ විදිහට බදු අයින් කරලා රු. 150ට පෙට්‍රල් දෙන්න…! – කාංචන…

September 28, 2024 at 7:56 pm | by emanisa.lk

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

එලෙස බදු අඩු කිරීමෙන් අනතුරුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 150කට ද ඩීසල් ලීටරයක් රු. 100කට ද ලබා දිය හැකි බව ඔහු සඳහන් කරයි.

දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතු නිසා පොරොන්දු වූ පරිදි බදු ඉවත් කර ඉන්ධන මිල සහනය ජනතාවට ලබා දෙන හිටපු ඇමැතිවරයා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කාංචන විජේසේකර රජයට ස්තූතිය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *