ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවත් සියලු වාහන නීත්‍යානුකූලව භාරදුන් ඒවා බවත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.
මෙම හැම වාහනයකටම ලිපිගොනුවක් තිබෙන බවත් ඒවා කවුරු විසින් භාවිත කළේද? කුමන රාජකාරි සඳහා යොදවා ගත්තේද? යන්න එම ලිපිගොනු පරීක්ෂා කිරීමක් දැකබලා ගතහැකි බව ද ඔහු කීය.
වත්මන් ජනාධිපති පත්වූ පසු එම වාහන භාවිත කළ අදාළ නිලධාරීන් නීත්‍යානුකූලව සහ කළ යුතුම දෙයක් සේ සලකා භාර දී ඇති බවද ඒකනායක මහතා අවධාරණය කළේය. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් නොමැති නිසා ඒවා රජයට අයත් පරිශ්‍රයන් තුළ නවතා තැබීමට කටයුතු කර ඇතැයි ද ඔහු කීය.
කිසිදු වාහනයක් අතුරුදන්වීමක් සිදුවී නොමැති බව ද ඔහු කීය. තමා වත්මන් ජනාධිපතිතුමා දිව්රුම් දීමේ අවස්ථාවට නිල රාජකාරිය ලෙස එක්වී තමා භාවිත කළ නිල රථය ද භාරදී පිටව ගිය බව ද ඒ මහතා කීය.