හතර තුනක් වෙලා ලක්ෂ්මන් නිපුණාආරච්චිට ඇමැතිකම අහිමි වුණේ ඇයි…?

September 27, 2024 at 11:30 am | by emanisa.lk

තමන් ඇමැති ධුරයක් භාර නොගත්තේ ඒ පිළිබඳ ඇති වූ නීතිමය ගැටලුවක් නිසා යැයි ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග හිස් වූ මන්ත්‍රී ධුරයට ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම පසුගියදා ගැසට් කෙරිණි.

එහෙත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නිසා ඔහුට සිය මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමේ අවස්ථාව හිමි වූයේ නැත.

පාර්ලිමේන්තුවට නොපැමිණ මන්ත්‍රීවරයෙකුට ඇමැති ධුර ලබාගත හැකි බව පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා පැවසුව ද නීතිපතිවරයා ඊට එකඟ නොවූ බවයි, ඔහු සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ මීට පෙර පාර්ලිමේන්තුවට නොපැමිණ ඇමැති ධුරයක් ලබා ගෙන තිබුණ ද ඒ අනුව නොව නීතිපතිවරයාගේ තීන්දුව අනුව සිය පක්ෂය කටයුතු කළ බව ද ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *