ගෝල්ෆේස් වාහන සංදර්ශනේ දැක්කම බය හිතෙනවා…! – ගම්මන්පිල….

September 26, 2024 at 8:16 pm | by emanisa.lk

ගාලු මුවදොර වාහන සංදර්ශනය තමන් මුල් වරට දුටුවේ 1994 චන්ද්‍රිකා මැතිනිය බලයට පත් වූ අවස්ථාවේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අනතුරුව 2015 මෛත්‍රීපාල සිරිසේන බලයට ආ අවස්ථාවේ දෙවන වතාවටත් මෙම වාහන සංදර්ශනය දුටු බවයි.

ඊට පසු 2024 වසරේ ද එම සංදර්ශනය ආපසු දකින විට ප්‍රිතියට වඩා බයක් ඇති වන බවයි, ඔහු සඳහන් කළේ.

ඒ කලින් වාහන සංදර්ශන පැවැත් වූ ආණ්ඩු දෙකට අත්වූ ඉරණම දුටු නිසා බව ද උදය ගම්මන්පිල සිහිපත් කරයි.

අද (26) පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *