මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධීකරණයේ පවතින නඩුවක චූදිතයෙකු බව නීතීඥ ටිරන්ත වලලියැද්ද පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් එම තනතුරට රවී සෙනෙවිරත්න පත්කොට ඇති බවත් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පාස්කු නඩුවක චූදිතයෙකු යටතේ ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉටුකරන බව ජනාධිපතිරයා දිගින් දිගට ම පොරොන්දු වුව ද දැන් එම පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ එම නඩුවෙහි චූදිතයෙකු වන රවී සෙනෙවිරත්න යටතේ බවත් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු ශ්රේෂ්ඨාධීරණයට පෙත්සමක් පවා ගොනුකර ඇති බවත් නීතීඥ වලලියද්ද පෙන්වා දෙයි.
එපමණක් නොව 2023 වසරේ රවී සෙනෙවිරත්න බීමත්ව රිය ධාවනය කොට පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කොට දඩ ගැසුම් කෑ අයකු බවත් මෙම පත්කිරීම කෙතරම් උචිත දැයි කල්පනා කොට බලන ලෙසත් ටිරත්න වලලියද්ද වැඩි දුරටත් ප්‍රකාශ කරයි.