පාර්ලිමේන්තුව වසරකට පෙර විසිරුවයි.. මහ ඡන්දේ ඔක්තෝබර් 14…!

September 25, 2024 at 8:46 am | by emanisa.lk

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය 2025 අගෝස්තු මස දක්වා පැවතිය ද ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් කැඳවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *