මාලිමාණ්ඩුවේ අගමැති ධුරය විජිතට… හරිනිට විදෙස් ඇතුළු ඇමැතිකම් රැසක්…!

September 24, 2024 at 12:04 pm | by emanisa.lk

නව අගමැති ධුරයට හරිනි අමරසූරිය වෙනුවට විජිත හේරත් පත්කර ගැනීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විදේශ කටයුතු, කාන්තා සහ ළමා කටයුතු ඇතුළු අමාත්‍යංශ ගණනාවක් හරිනි අමරසූරියට ලබා දීමට තීන්දු කර ඇති බව ද සඳහන්ය.

කෙසේ වුව ද මෙම තීන්දුව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ මේ වන විට මත ගැටුමක් නිර්මාණය වී ඇති බවත් අවසාන තීන්දුවකට එළඹ නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

අලුතින් පාර්ලිමේන්තුවට පත්වන ලක්ෂ්මන් නිපුණආරච්චිට අධ්‍යාපන ඇතුළු අමාත්‍යංශ කිහිපයක් හිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *