තුන්වෙනි ලෝකයෙන් පළවෙනි ලෝකයට යන ගමන ආරම්භ කළා..! – දිලිත්…

September 21, 2024 at 5:12 pm | by emanisa.lk

සාම්ප්‍රදායික දේශපාලනය තවමත් මුල්බැස ගෙන පවතින යුගයක ඊට විශාල අභියෝගයක් කිරීමට තමන්ට හැකි වූ බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව, තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස ජනතාවට අවස්ථාවක් ලැබුණා වෙනසක් ඇති කර ගැනීමට.

සම්ප්‍රදායික දේශපාලනය තවමත් මුල් බැසගෙන තිබෙන සමයක මට විශ්වාසයක් තියෙනවා මම විශාල අභියෝගයක් කළා මෙම පවතින තත්ත්වයට.

එමගින් මේ රට ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස් ශ්‍රී ලංකාවක් එහෙමත් නැතිනම් තුන්වැනි ලෝකයේ සිට පළවෙනි ලෝකයට ගමනක් යන දේශපාලනයක ආරම්භයක් සනිටුවහන් කරන්න අපිට පුළුවන් වුණා..”

මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී අද (21) සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *