පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර දෙනවා…! මැකො….

September 21, 2024 at 4:52 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ පළමු ප්‍රාදේශීය ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු කියා සිටියේ, දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8-9ත් අතර ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

දිවයිනේ සෑම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම ගණන්කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සියලු ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි ලැබුණු පසු බව ද හෙතෙම කීය.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 712,318 වන අතර ඉන් ඡන්දය භාවිත කොට නැත්තේ 6,200ක් වැනි සංඛ්‍යාවක් බව ද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *