විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය පෙරළිකාර ජයක්..! – ඇඩ්වොකාටා සභාපති…

September 21, 2024 at 10:04 am | by emanisa.lk

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය ප්‍රතිව්‍යුහගතකරණ සඳහා ගිවිසුම්වලට එළැඹීම පෙරළිකාර ජයග්‍රහණයක් බව ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ සභාපති මුර්ටාසා ජැෆර්ජි මහතා පවසයි.

“අපි ඊයේ ළඟා කරගත්තේ මෙරට ණය තිරසරභාවය සම්බන්ධ පෙරළිකාර ජයග්‍රහණයක්, අපි දැන් මෙතැනින් ඉදිරියට යා යුතුයි. වඩාත් වැදගත් වන්නේ ආර්ථිකය වර්ධන මාවතකට අවතීර්ණ වීමයි.

මොකද මේ ක්‍රියාවලිය පමා කරනවා කියන්නේ සියලු පොලි අනුපාතික ඉහළ යනවා කියන එකයි, අපේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලි අනුපාතය 6.5%ත් – 7%ත් අතර පැවතුණත් නව පොලි අනුපාතය 3% පමණ දක්වා අඩුවෙනවා.

මෙලෙස එකඟතාවට පැමිණීමෙන් පසු අපිට ඉදිරි කාලයේදී නැවතත් ණය පැහැර හැරීමක් සිදුකරන්න බැහැ”

මේ අතර මෙම වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවට පැමිණි පසුබිමක කොටස් වෙළෙදපොළ සමස්ත මිල දර්ශකය ඊයේ (20) ඒකක 81.94කින් ඉහළ ගොස් 10966.51ක් ලෙස සටහන් වූ අතර මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙස සටහන් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *