බැරි වුණොත් දාලා දුවනවා කියන අනුරට රට භාර දෙන්න එපා…! – රනිල්…

September 18, 2024 at 7:37 pm | by emanisa.lk

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් අනතුරුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයාය පවසන්නේ, තමා යටතේ ආර්ථිකය වර්ධනය වී ඇති බව අනුර දිසානායකත් පිළිගන්නා හෙයින් වැල් පාළමේ ඉතිරි කොටස යාමට ඔහුට රට භාරදිය යුතු නැති බවයි. අවුරුදු එකහමාරක් රට පාලනය කොට බැරි නම් අතහැර යන බව අනුර දිසානායක පැවසීමෙන් තහවුරු වන්නේ ඔහුට එය කළ නොහැකි බව යැයි ද හෙතෙම කීය.

සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ ගැන දැනගැනීමට ඊයේ රාත්‍රී දෙරණ 360 වැඩසටහනට ඔහු පැමිණෙන තුරු බලා සිටිය ද නොපැමිණි බවයි, රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.

අද (18) ගාල්ලේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලියට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *