ගෝඨා බෙල්ල දුන්නේ යහපාලන රනිල්ලගේ පව්වලට…! – අනුර…

September 18, 2024 at 3:17 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ කියනවා එයා ඇවිල්ලා තෙල්, ගෑස් දුන්නලු. 2015-19 එයා ආවේ නැත්තම් තෙල් ගෑස් නැතිවෙන්නේ නැහැ. අපි ජාත්‍යන්තර වෙළඳපොළෙන් ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන පහළවමාරක් අරන් තියෙනවා. ඒ ඩොලර් කෝටි 1550න් මහින්ද අවුරුදු 9ට ගත්තේ ඩොලර් කෝටි 300යි. ඒ ණය ගෙවලා ඉවරයි.

අපට ගෙවා ගන්න බැරිව රට බංකොලොත් වුණ ඩොලර් කෝටි 1,250ම ගත්තේ රනිල්. ගෝඨාභය බිලිදුන්නා. ගෝඨාභය පව්. අරගොල්ලෝ කරපු අපරාධවලට අන්තිමේට ගෝඨාභය බෙල්ල දුන්නා.

ඒ නිසා අපි රට අරගෙන ගෑස් නැති වෙයි, තෙල් නැතිවෙයි, විදුලිය නැති වෙයි කියනවා. බය වෙන්න එපා කිසිඳු භාණ්ඩයක් හිඟයකින් තොරව ලබාදෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් කෙටි කාලකින් වාහන ආනයනය කරනවා. ජපන් බයිසිකල් ගේන්න ඉඩහදලා දෙන්නම්. රට හැදීමේ වුවමනාව තිබෙනවා. ඒ නිසා පළමු වතාවට රට හදන්න මුලපුරන ආණ්ඩුවක් හදනවා.”

මැල්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනරැලියකට ඊයේ (17) රාත්‍රියේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *