5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා.. විමර්ශන ඇරඹේ….!

September 17, 2024 at 9:49 am | by emanisa.lk

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බවට ලද පැමිණිලි දෙකක් පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන රජයේ ගුරුවරයෙකු සිය අනුමාන ප්‍රශ්න පත්‍රවල මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නවලට බොහෝ දුරට සමාන ප්‍රශ්න ලබා දී ඇත. ඔහු සිය සමාජජාල, සමූහයක ද එය පළ කර විභාගය පැවති 15 වන දින අලුයම මකා දමා ඇති බවට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල අනුමාන ප්‍රශ්න පත්‍රයක ද ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න අඩංගුව තිබූ බවට පැමිණිලි ලැබී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *