අත්පත්‍රිකාව එපා කී ව්‍යාපාරික පුත්‍රයාට සංවිධායකගෙන් ගුටි…!

September 16, 2024 at 5:32 pm | by emanisa.lk

අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් විසින් පහරදී ඇති බව වාර්තා වෙයි.

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයාට ඊයේ (15) මෙසේ පහර දී ඇති අතර පහර දෙන අයුරු වෙළෙඳසැලේ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබිණි.

පහර කැමෙන් පසු එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් කර අද (16) දින රෝහලෙන් පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *