දූෂණ විරෝධී අරමුදලත් හොරා කෑ නීතිඥ සංගම් සභාපති ගෙදර…!

September 14, 2024 at 8:52 am | by emanisa.lk

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ කවුන්සිලය විසින් පසුගිය අගෝස්තු 30 වනදා ඒකමතිකව සම්මත කරගෙන තිබිණි.

ඒ, දූෂණ විරෝධී වැඩසටහනක් සඳහා ජයිකා ආයතනයෙන් ලැබුණු මුදලක් සාවද්‍ය පරිහණය කිරීම සම්බන්ධයෙන් කෞෂල්‍ය නවරත්න ඇතුළු නීතිඥ සංගමයේ නිලධාරීන් පිරිසකට එල්ල වී ඇති චෝදනාවක් මත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *