දේශප්‍රේමි ජාතික බලවේග තමා සමඟ නැගී සිටීමට සූදානම් බව සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
“දේශප්‍රේමි ජාතිකත්ව දේශපාලන ව්‍යාපාරය, අපේ රටට ආදරේ මිනිස්සු දැන් ගහලා නිහඬ කරලා ඉවරයි. කමෙන්ට් කරලා ‘නිවන්සුව ලැබේවා’ කියලා මානසිකව ඔවුන් වට්ටලා ඉවරයි. මේ රටේ මහා සංඝරත්නය ඔය නිරාගමික ප්‍රහාර නිසා වට්ටලා ඉවරයි. ඒ වගේම මේ රටේ ලැජ්ජා බය තියෙන මිනිස්සු එළියට එන්නේ බොහොම අකමැත්තෙන්. ඒ තත්ත්වයට පත්කරලා ඉවරයි.
ලංකාවේ යම්කිසි හෝ දේශපාලන සදාචාරයක් තිබුණ නම් ඒ දේශපාලන සදාචාරය තුට්ටු දෙකට දාපු අවස්ථාව මේක වෙලා ඉවරයි. මේ ඔක්කොම මැද මේ අය හිතනවා දැන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. සරලව එහෙම හිතන්නේ.
ඒ අයට අමතක වෙලා තියෙනවා ඉතිහාසය පුරා අප වැනි මේ රටට ආදරේ දේශප්‍රේමීන් නැඟිට්ටහම හැමදාම ඔවුන්ව තීරණාත්මකව පරාජය කරන්නට අපිට හැකිවුණා. මෙවර මතවාදීව හා දේශපාලනික වශයෙන් ඔවුන්ගේ අවසානය සටහන් කරනවා. එහි ආරම්භය තමයි මේ.”
ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඇහැළියගොඩ ඊයේ (09) පැවති ජන හමුවක් අමතමිනි.