ජනපති අපේක්ෂක විවාදය සූදානම්… රනිල් අනුර මග හරී…?

September 6, 2024 at 4:03 pm | by emanisa.lk

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙම විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගිත්වය ස්ථිර කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට සහභාගී විය නොහැකි බව ලිඛිතව දන්වා තිබේ. කෙසේ වුවද අනුර දිසානායක මෙතෙක් සිය සහභාගීත්වය ස්ථිර කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *