දිගටම රාජපක්ෂලාට එරෙහි වීමේ වරදක් නෑ… අපට එරෙහි වෙලා හංවඩු ගැහෙන්න එපා..! – අනුරගෙන් උතුරට පණිවිඩයක්…

September 6, 2024 at 9:39 am | by emanisa.lk

උතුරේ ජනතාව ජාතික ජන බලවේග ජයග්‍රහණයට එරෙහි වූවන් ලෙස හංවඩු ගැසිය යුතු නැති බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

“මම දැනගන්න කැමතියි සුමන්දිරන් මහත්තයාගෙන් කාට විරුද්ධව ද සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියලා ඉල්ලන්නෙ ? දකුණේ දස ලක්ෂ ගාණක ජනතාවක් පෙළගැසිලා ඉන්න වෙනසට විරුද්ධව. සමාජයම ඉල්ලා සිටින්නේ අලුත් පරිවර්තනයක්. මුළු රටටම අවශ්‍ය අලුත් වෙනසක්.

ඒ වෙනස වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්න ඕනෙ. දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව එකතුවෙලා ඉන්නවා. මේ රටට අලුත් වෙනසක් ඕනා. උතුරේ ජනතාව පැරණි පාරේ ඉස්සරහට යන්න සහාය දෙන්න ඕනෙද ? මා උතුරේ ජනතාවගෙන් ඉල්ලන්නෙ අලුත් පාර වෙනුවෙන් පැරණි පාර අත්හැරලා එකතුවෙන්න. ඒ නිසා ITAK සංවිධානය ගත්තා යැයි කියන තීන්දුව මේ අලුත් වෙනසට එරෙහි තීන්දුවක්.

2010, 15, 19 රාජපක්ෂලාට එරෙහි තීන්දුවක්. හැබැයි 2024 තීන්දුව වෙනසට විරුද්ධව තීන්දුවක්. විද්වතුන්, මහාචාර්යවරුන් මේ වෙනසට එරෙහි වීමේ තීන්දුව අනුමත කරනවාද ? මා ඉල්ලන්නෙ මේ වෙනසේ කොටස්කරුවන් වෙන්න ඕගොල්ලො. මේ වෙනසට එරෙහි වන්නන් නොවෙන්න.

මම අහන්නෙ එකයි, රටේ බහුතර ජනතාවක් වෙනසක් ඉල්ලා තිබියදී යාපනයේ ඔබ විතරක් ඒ වෙනසට විරුද්ධව වැඩ කරන්නේ කොහොමද? අපි දිනනවා, දකුණේ ලක්ෂ ගණනකින් අපි දිනනවා. හැබැයි ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට මේ යාපනය පත්වෙන්න. එම මහා වෙනසට එරෙහිවූවන් ලෙස ඔබ හංවඩු ගැහෙන්න එපා.”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) යාපනයේ ජාතික ජන බලවේග ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *