ජනාධිපති වෙලා සියලු ඇමැතිකම් පවර ගෙන රට පාලනය කරනවා..! – අනුර…

September 5, 2024 at 7:33 pm | by emanisa.lk

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන 2/3ක් මන්ත්‍රීවරුන් ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් ජනාධිපති ධූරයට පත් වූ වහා පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි.

අනතුරුව ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තුරු ජාතික ජන බලවේගය ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

එහි දී සියලු කැබිනට් අමාත්‍ය ධූර තමන් යටතට ගැනීම, මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනා සමග ඇමැති ධූර සියල්ල බෙදා ගැනීම හෝ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ව්‍යවස්ථානුකූල විකල්ප තුනක් ඇති බව ද අනුර දිසානායක සඳහන් කළේය.

ඊයේ (05) ජාතික ජන බලවේග ජන රැලියක් ජාඇල දී අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *