මහ පොළොවෙන් ආ අනුර මහා වෘක්ෂයක් බවට පත්ව රටට සෙවණ දෙනවා…! – සමන්ත විද්‍යාරත්න…

September 4, 2024 at 9:13 am | by emanisa.lk

මේ රටේ අර්බුදයේ නිර්මාතෘවරු වන්නේ රනිල් වික්‍රමසිංහලා බව ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසයි.

“රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණෙ හිටපු ජනාධිපති ජේ.ආර්. එයාගේ මාමා වුණු නිසා. රනිල් දක්ෂයෙක්වත් වැඩකාරයෙක්වත් නොවෙයි. ඒ ගොල්ලෝ තමයි මේ රටේ මේ අර්බුදයේ පීතෘවරු. එයා තමයි රට වැඩියෙන්ම ණය කරේ. අවුරුදු හතළිස් අටක් එයා පාර්ලිමේන්තුවේ.

ලංකාවේ පැරණිම රාජධානිය, අනුරාධපුරයයි. ඉන්පසු අපේ රටේ සියලු රාජධානි බිඳ වැටුණා. අන්තිමට අපේ රට සුද්දාට යටත් වුණා. එක්දහස් නමසිය හතළිස් අටේ ඊනියා නිදහසක් ලැබුණා.

දැන් අර ඓතිහාසික අනුරාධපුර නගරයෙ හැදීවැඩිලා, එහෙ ඉගෙන ගෙන කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා, භෞතික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිය දිනාගෙන, පවුල් දේශපාලනය පැත්තකට දාලා මහ පොළොවෙන් ආපු එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. ඔහු මහ පොළොවේ පැලවෙලා රටට සෙවණ දෙන මහා වෘක්ෂයක් බවට පත්වුණු නායකයෙක්.”

සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ පෙරේදා (02) බදුල්ල නගරයේ පැවති ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *