ආර්ථිකය ස්ථාවර වන ලකුණු.. 70%ට නැග්ග උද්ධමනය දමනය කරයි..!!

August 30, 2024 at 4:23 pm | by emanisa.lk

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය 1%ටත් වඩා පහළ ගොස් තිබේ.

ඒ අනුවව 2024 ජුලි මාසයේ 2.4%ක් උද්ධමනය අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත.

මෙහිදී ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ 1.5%ක් වූ අතර 2024 අගෝස්තු මාසයේ දී එය 0.8%ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන උද්ධමනය පූර්ව මාසයේ දී පැවති 2.8% මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇත.

කෙසේ වුව ද 2022 වසරේ අගෝස්තු මස උද්ධමනය 70.2%ක් වූ අතර වසර දෙකක් ඇතුළත එය 0.5%ට පහළ යෑම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *