ලෝක වෙළඳපොළට ඉන්ධන අලෙවි කරන රටක් හදනවා..! – අනුර…

August 30, 2024 at 9:48 am | by emanisa.lk

තිරිකුණාමලයේ මළකඩ කමින් තිබෙන තෙල් ටැංකි 99 ලබා ගෙන තෙල් පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපොළට ඉන්ධන අලෙවි කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

“ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්.

ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්.

ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා.”

ජාතික ජන බලවේග ජන රැලියක් කන්තලේ දී අමතමින් අනුර දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *