මේ රටේ ඉන්නේ රණ විරුවෝ 39000යි! හමුදාවේ හැමෝම රණවිරුවෙක් නෙමේ! – ආරක්‍ෂක ලේකම්

January 26, 2019 at 10:58 am | by admin

මේ රටේ රණවිරුවෝ ඉන්නේ 39000යි. ඒ 39000න් 34000ක්‌ ඉන්නේ යුද හමුදාවේ, 4400ක්‌ ඉන්නේ නාවික හමුදාවේ, 868ක්‌ ඉන්නේ අපේ ගුවන් හමුදාපතිතුමාගේ ගුවන් හමුදාවේ යැයි ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා වැඩි දුරටත් මෙසේ කීවේය.

“රණවිරුවෙක්‌ වෙන්න නම් තමාගේ නමට රණවිරු පදක්‌කමක්‌ ගැසට්‌ කළ යුතුමයි. එහෙම නැතුව දැන් අර මාස 03 කට ඉස්‌සෙල්ලා හමුදාවට බැඳෙන තරුණ කොල්ලා ගමෙන් බහින්නේ බස්‌ එකෙන් මමත් රණවිරුවෙක්‌ කියාගෙන. ඒක හරියන්නේ නැහැ. රණවිරුවෝ 39000යි ඉන්නේ.”

“මම තමයි ඉස්‌සෙල්ලම ජනාධිපතිතුමාට කිව්වේ අතිගරු ජනධිපතිතුමනි, මේ ප්‍රකාශය කරන්න එපා ඒක හරිම නොමග යවනසුළු ප්‍රකාශයක්‌. මේ ඉන්න රණවිරුවෝ හැමදෙනාටම ගැසට්‌ කරලා තියෙන්න ඕනේ රණවිරු පදක්‌කමක්‌.”

හේමසිරි ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රණවිරු සංවිධානය මගින් සංවිධානය කළ රණවිරු උපහාර උත්සවයකදීය.

පසුගිය දා ආරක්ෂක ලේකම්වරයා හමුදාවට එරෙහිව අපරාධ චෝදනා ඇත්නම් ඉදිරිපත් කරන්නැයි ද දෙමළ ඩයස්පෝරාවෙන් එල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස