විශාල බදු හිඟයක් පවතින බවට සිදුකරන ප්‍රචාර සත්‍යය නෙමෙයි…! – සුරාබදු කොමසාරිස්…

August 27, 2024 at 10:06 am | by emanisa.lk

සුරා බදු දෙපාර්තමේන්තුවට අය විය යුතු විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.

“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ බලපත්‍ර නිකුත් කිරීම හරහා රුපියල් බිලියන 2ක් එකතු කරගැනීම. ඒ අනුව අපි මේ වෙනකොට බලපත්‍ර නිකුත් කිරීම හරහා බිලියන 1.75ක් හොයලා තියෙනවා.

ඊළඟට බලපත්‍ර අපි 2023 මැයි සිට අගෝස්තු 20 වෙද්දි බලපත්‍ර 98ක් නිකුත් කරලා තියෙනවා. 2022 දී අපි හොයලා තියෙනවා බිලියන 169ක්. 2023 අපි හොයලා තියෙනවා බිලියන 179ක්. 2024 ඉලක්කය රුපියල් බිලියන 232ක්. අගෝස්තු 22 වෙද්දි රුපියල් බිලියන 132.7ක් හොයලා තියෙනවා. ප්‍රතිශතයක් විදියට 24.6%ක වර්ධනයක්.

රේගුව ආදායම් රැස්කිරීම සම්බන්ධයෙන් අපේ ඉලක්කය රුපියල් බිලියන 1533ක්. මේ දෙසැම්බර් වෙද්දි එක්රැස් කිරීමට. අගෝස්තු 25 වෙද්දි රුපියල් බිලියන 938.0%ක් රැස් කරගෙන තියෙනවා. සමස්තයක් ලෙස 2024 රුපියල් බිලියන 1503ට සාපේක්ෂව 61%ක ප්‍රතිශයකින් අපි ආදායම් රැස්කරගෙන තියෙනවා. විශේෂයෙන් 30.4%ක් ඉක්මවා ගිය පුරප්පාඩුවක් සමග තමා මේ ආදායම් රැස්කිරීමේ කාර්යට එක්වෙලා ඉන්නේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනේ ම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණයි. අති විශාල බදු හිඟයක් පවතින බවට ගෙන යන කතාවල සත්‍යයක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *