ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නුවරඑළේ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ප්රචාරක රැළිය අද (26) නුවරඑළිය නගර මධ්‍යයේ දී පැවැත්විණි.
එහිදී වේදිකාවේ ආරාධිතයන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු දහයකට ආසන්න පිරිසක් ද වේදිකාවේ ඉදිරිපිට අසුන්වල හය දෙනෙකු ද සිටි අතර අනකුත් සියලු පුටු හිස්ව තිබිණි.
වේදිකාවේ සිට මීටර 100ක පමණ දුරක සිට 100ක පමණ පිරිසක් රැස්වීම නරඹනු දැක ගැනීමට හැකි විය.
රැස්වීම් භූමියේ හා අවට පොලිස් නිලධාරින් 200 ක පමණ පිරිසක් මාර්ගවල හා උස් ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා යොදවා තිබිණි. දූෂණයෙන් තොර රටක් තැනීම සඳහා තමන් සමග එකතු වන ලෙස එහි දී සභාව අමතමින් සරත් ෆොන්සේකා ඉල්ලා සිටියේය.