සජිත් ප්‍රේමදාසගේ හෝ අනුර දිසානායකගේ හෝ ප‍්‍රතිපත්ති සමඟ රටකට ඉදිරියට යා නොහැකි වනු ඇති බව ගාලු මුවදොර අරගලයේ නායකයකු ලෙස කටයුතු කළ වෛද්‍ය පැතුම් කර්නර් සඳහන් කරයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත වූ වසර දෙකක කාලය තුළ ආර්ථික අර්බුදය ඉතා හොඳින් කළමනාකරණය කර ඇති බවත් සජිත් ප්‍රේමදාසට දැක්මක් නැති බවත් අමාත්‍යවරයෙකු ලෙස පවා පරිපාලන හැකියාවක් නොපෙන්වූ අයෙකු බවත් හෙතෙම පෙන්වා දෙයි.
ජාතික ජන බලවේගයට මේ දිනවල ඇතිවී තිබෙන රැල්ල විනාශකාරී තත්ත්වයක් බව පෙනෙන්නට ඇති බවත් පවසන ඔහු ඔවුන් රට කළමනාකරණ කළහොත් වෙන්නේ රට වැරදි පැත්තකට යාම බව ද කියා සිටියි.