සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක චරිතයක් වන රාජාංගනේ සද්ධාරතන හිමිගේ සහායත් මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
ඊයේ (23) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති ‘ජාතික පුනරුදයට පෙර මග කියන සඟරුවනේ මහ පෙළහර’ නම් ජාතික ජන බලවේගයේ භික්ෂු සමුළුවට ද රාජාංගනේ හිමි ද සහභාගී විය.
රාජාංගනේ සද්ධාරතන හිමි ආගම් අතර අසමගිය ඇති වන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින භික්ෂුවකි.
මෙම සඟ සමුළුවට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගී විය.