ආණ්ඩුව කොන්ඩම් සමාගමකින් ඖෂධ ගේන්න සූදානම්…!

August 23, 2024 at 11:38 am | by emanisa.lk

රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්දීය සමාගම කොන්ඩම් නිෂ්පාදන සමාගමක් සමග ගිවිසුම්ගත වීමට සූදානම් වන බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව චෝදනා කරයි.

කොළඹ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ මෙවැනි සමාගමකට විවිධත්වයකින් යුතු ඖෂධ වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් සැපයීමට පවතින හැකියාව ප්‍රශ්න සහගත බවත් වහාම මෙම සමාගම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කළ යුතු බවත්ය.

මෙරට තුළ සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග 862ක් හඳුනාගෙන තිබේ.

මෙතෙක් කල් මෙරටට ඖෂධ ආනයනය කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ පෞද්ගලික ඖෂධ ආනයනකරුවන් වන අතර මෙම වැඩපිළිවෙළ හේතුවෙන් එම දෙපාර්ශ්වයට ම එම අවස්ථාව අහිමි වන බව ද හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *