රටේ සමස්ත ව්‍යවසායකත්වය නැංවීමකින් තොරව මහා පරිමාණ සමාගම්වලට පවා පැවතිය නොහැකි බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, මේ සියල්ල එකම දම්වැලක පුරුක් සේ එකිනෙකා සමග ගැටගැසී ඇති බවයි.
මෙම සමස්ත චිත්‍රය නොදැක එහෙන් මෙහෙන් කෑලි අල්ල ගෙන කටයුතු කිරීම නිසා අර්බුදයක් නිර්මාණය වූ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
එහෙයින් පුරවැසියාගේ උපතේ සිට මරණය දක්වා සමස්ත ක්‍රියාදාමය මැනවින් අධ්‍යයනය කොට ඒ අනුව සිය වැඩපිළිවෙළ සකස් කොට ඇති බව ඔහු සඳහන් කරයි.
‘එක්ව නංවන දැයක් සතුට පිරි දැයක්’ නම් සර්වජන බලය පක්ෂයේ උපායමාර්ගික වැඩපිළිවෙළ ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය වෙත පිළිගැන්වීමේ අවස්ථාවේ දී දිලිත් ජයවීර මේ බව කීය.