අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු පරාජයට පත්වූ දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ට පහර නොදෙන බව ජාජබ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
“මැච් එක අපි පටන් ගන්නෙ අතට අත දීලා. හැබැයි අපි මැච් එක අනිවාර්යයෙන්ම ගහනවා. එතකොට ඒගොල්ලො පරදිනවා. පැරදිච්චි කට්ටියව අපි ගහලා පන්නන්නෙ නෑ. සමහර අය කියනවානෙ මාලිමාව දිනුවාට පස්සෙ විරුද්ධවාදීන්ට කරදර කරනවා, විරුද්ධවාදීන්ගෙන් පළිගන්නවා කියලා. නෑ, කිසිසේත්ම නෑ.
මාලිමාව මෙතෙක් කල් සාමකාමීව අපේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ආවා. අපි ඡන්දෙන් දිනුවාට පස්සෙත් ඉතාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ජයග්‍රහණය සමරනවා. එනිසා මැච් එක පටන් ගන්නෙත් අතට අත දීලා, මැච් එක ඉවර කරන්නෙත් අපේ ජයග්රහණයෙන් අතට අත දීලා.”
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ කඩවත ප්‍රදේශයේ පැවති ප්රචාරක වැඩසටහනක් අතර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.