ජනපති අපේක්ෂක විවාදය තහනම් කරනු.. ජනකගෙන් මැකොට පැමිණිල්ලක්…!

August 21, 2024 at 9:55 am | by emanisa.lk

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත්ව ඇති අවස්ථාවක ඉන් 6 දෙනෙකු පමණක් තෝරා ගෙන විවාදයක් කිරීමට එරෙහි ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මැතිවරණ කොමිසම් සභාවට පැමිණි කර තිබේ.

පැෆරල් සංවිධානය මගින් සැලසුම් කර ඇති එම විවාදයට සම්බන්ධ වන අපේක්ෂකයන් හය දෙනා පමණක් ප්‍රවර්ධනය වන බවට ඔහු චෝදනා කරයි.

ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම එක හා සමාන තරගකරුවන් නම් හය දෙනකු පමණක් තෝරන පදනම කුමක්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

අපේක්ෂකයන් හය දෙනකුට විශේෂත්වයක් දැක්වීම තුළින් ඉදිරි අපේක්ෂකයන් 33 දෙනාට අසාධාරණයක් වන බැවින් මෙම විවාදය තහනම් කිරීමට කටයුතු කරන ලෙසද ජනක රත්නායක මහතා කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ අතර සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ඒ ඒ අපේක්ෂකයාට සිය රට හදන වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කිරීමට මෙම විවාදය ඉතාම වැදගත් බවත් ඒ සඳහා තමන් සහභාගී වන බවත් දන්වා ලිපියක් යොමු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *