ඡන්දෙන් පස්සේ ගමේ සාමය රකින්නේ මාලිමාවේ කොට්ඨාස සභා…! – අනුර…

August 20, 2024 at 8:01 pm | by emanisa.lk

මේ වන විට ජාතික ජන බලවේගය ගමේ මැතිවරණ කටයුතු සඳහා කොට්ඨාස සභා නිර්මාණය කර ඇතැයි එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයට පසු ගමේ සාමය පවත්වා ගෙන යාමට මෙම කොට්ඨාස සභා යොදා ගන්නා බවයි.

ගමේ ජනතාව පක්ෂවලට බෙදී ගහ මරාගත යුතු නැති අතර ගහ මරාගත් යුගය අවසන් කළ යුතු බවයි, හෙතෙම අවධාරණය කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ට ඡන්දය ලබා නොදුන් පිරිස ද රට ගොඩනැඟීමට එකතු කර ගත යුතු බව අනුර දිසානායක සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (20) ගල්ගමුවේ පැවැති ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *