මාලිමා ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම ඇමරිකාවෙන්…!

August 20, 2024 at 1:59 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ බිලියන 1.8ක් පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටුව ඒ සඳහා බිලියන 4-5ක් වියදම් කිරීමට සූදානම් බවයි, ගම්මන්පිල සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් ගෙන යන අතර ඒ සඳහා අරමුදල් සපයන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය බවටත් ජූලි චන්ග් නිතර එහි යන්නේ ලබා දෙන මුදල් නිසි ලෙස වියදම් කරන්නේ දැයි විමසීමට බවටත් සමාජ මතයක් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *