සිය පාලනයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයන්ට කඩිනමින් අනුමැතිය ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ගම් නියම් ගම් සිසාරා කර්මාන්ත ශාලා බිහි කරන ගමන එළඹෙන සැප්තැම්බර් 22 වෙනිදා ආරම්භ කරන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.
එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයේ ද ක්‍රියාත්මක වූ බවයි, සජිත් ප්‍රේමදාස සිහිපත් කළේ.
නාවලපිටියේ අද (19) පැවැති ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.