අනුර දැනටමත් දිනලා ඉවරයි…. 21 මැකොගෙන් සහතිකේ ගන්නවා..! – ටිල්වින්…

August 18, 2024 at 5:09 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදෙන මොහොත වන විටත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර අවසාන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“මේ සැරේ ජනාධිපතිවරණය අපට හොඳ දේශපාලන පාඩම් උගන්නලා තියෙන්නෙ. මොනවද ? 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂනෙ. අද වෙලා තියෙන්නෙ මොකක්ද ? අද පොහොට්ටුවක් නෑ. නටුව විතරයි තියෙන්නෙ. දැන් නාමල් රාජපක්ෂ නටුවට වෙලා ඉන්නවා. මං දැක්කා ඔය මුහුණු පොතේ දාලා තියෙනවා නාමල් රාජපක්ෂට දැන් බරපතළම තරගය තියෙන්නේ සීලතරන හාමුදුරුවොත් එක්ක කියලා. අපට කිට්ටුවටවත් එන්න පුළුවන්කමක් නෑ.

ඊළඟට ඉන්නවා අපට පහළින් කවුද, සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඉන්නවා, රනිල් මහත්තයාත් ඉන්නවා. දෙකට බෙදිච්ච යූඑන්පියත් එක්ක අපට සටනක් තියෙනවාද කියන්නකො, අපට සටනක් නෑ. ඒ නිසා අපි කියන්නෙ මේ ජනාධිපතිවරණය නාමයෝජනා දෙනකොටම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරලා අවසන් වෙච්චි එකක් තියෙන්නෙ. අපට 21 තියෙන්නෙ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් සහතිකය ගන්න විතරයි.”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) තංගල්ලේ පැවති අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ජන රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *