ඇප තැබූ 40න් 39ක් නාම යෝජනා භාර දෙයි.. නාම යෝජනා නොදුන් අය මෙන්න…!

August 15, 2024 at 4:42 pm | by emanisa.lk

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ ද නාම යෝජනා භාර දී ඇත්තේ 39 දෙනෙකු පමණි. ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මහතා නාමයෝජනා භාර දී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *